ඌව අධ්‍යාපන ඉතිහාසයේ පළවෙනි වතාවට A-9 සාමාර්ථ 108ක් ලබා ගනිමින් බදුල්ල මැදි මහා විදුහල ඉහළින්ම ඔසවා තැබීමට දායක වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම දරු දැරියන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් 2022/12/02 දින බදුල්ල River side inn හි දී පැවැත්විණි.
මේ සඳහා පූර්ණ අනුග්‍රහය හා සංවිධානය වර්තමාන බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගයේ නිළධාරීන් හා ආදි සිසුන් කීප දෙනෙක් විසින් සිදු කරන ලදී.ආරාධිත දේශන, ප්‍රාසාංගික අංග රැසක් ද මෙහි ඇතුළත් විය.ඉතා උත්කර්ෂවත් අන්දමින් සියලුම කටයුතු සංවිධානය වී තිබුණි.



