පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
- අත් කොට සුදු කමිසය සෑම සිසුවෙක්ම ඇදිය යුතු අතර, කමිසයේ අත වැලමියටන් අඟලක් ඉහළට තිබිය යුතුය. අනවශ්‍ය ලෙස විශාල (බැගී) නොවිය යුතුය.
- කමිසයේ වම් පසට වන සේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එහි බොත්තම් හෝ රැලි නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කමිස සාක්කුවේ දකුණු කෙළවර උඩ විද්‍යාලයීය නිල ලාංඡනය ස්ථිර ලෙස මසා තිබිය යුතුය.
- කොළරයේ බොත්තම් නොතිබිය යුතුය.
- අත් දිග කමිස සහ ටයි පටිය ඇඳිය යුත්තේ පාසල් ශිෂ්‍ය නායකයින් පමණි.
- දිගු කලිසම් ඇදිය ඇක්කේ 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පමණි.
- කලිසමේ වාටිය(පෝල්ට්) අඟල් 16 ක් විය යුතුය.
- කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය. කලිසමේ බෑන්ඩ් එක අගල් 1.5 කට නොවැඩි විය යුතු අතර ලූප්ස් නොදැමිය යුතුය.
- ඇඟට තදවන සේ(ටයිට්) කරන ලද හෝ ප්‍රමාණයට වඩා විශාල (බැගි) ඇඳුම් ඇදීමට අවසර දෙනු නොලැබේ.
- 6,7,8,9, ශ්‍රේණිවල සිසුන් නිල් කොට කලිසම ඇඳිය යුතුය. එහි උස ප්‍රමාණය දණහිසට අගල් තුනක් පමණ ඉහළින් විය යුතුය.
- කලිසමේ පිටුපස දකුණු පැත්තේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එයට පියනක් සවි නොකළ යුතුය. එක් බොත්තමක් පමණක් ඇල්ලිය හැකිය.
- ඉනට ඉලාස්ටික් පටිනොඇල්ලිය යුතුය. කලිසම ඉදිරිපස පටිනොඇල්ලිය යුතුය.
- කලිසම ඇඳීමේ දී එහි ඉණ නාභිය දක්වා උසින් විය යුතුය. (කමිසයේ බොත්තම් 4 ක් පෙනෙන සේ)
- නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන්
- නියමිත පරිදි කර වැසෙන සේ කොළරය යොදා තිබිය යුතුය.
- එහි පළල පිටුපසට නැමූ විට අඟල් 1 1/2 ක් විය යුතුය.
- දැනට පවතින පරිදි රැලි 4ක් යොදා තිබිය යුතුය.
- සිටගත් විට ගවුමේ උස දණ හිස සම්පූර්ණයෙන් වැසෙන සේ විය යුතුය.
- ඉන නිවැරදි ස්ථානයේ පිහිටිය යුතු අතර දළ වශයෙන් අත දිග හැරිය විට අතේ ඉදිරි ආරය තෙක් විය යුතුය.
- ඉන පටිය අගල් 1, 1/2 ක් පළල විය යුතුය. එය පිටුපසින් ගවුමට සම්බන්ධ කොට ලිහිල්ව නොසිටන අයුරින් ටික් අල්ලා පියවීම කළ යුතුය. අතේ ඉදිරිපස නැමුම් දාරය ආසන්න වශයෙන් ඉන පටියේ මැද හා සමපාත විය යුතුය. ඉන පටිය ඉනේ වට ප්‍රමාණයට සරිලන දිගින් පමණක් විය යුතුය.
- ගවුමේ වාටියේ පළල ආසන්න වශයෙන් අගල් 2, 1/2 ක් විය යුතුය.
- ගවුමේ අත වැලමිටේ සිට අගල් 04 ක් පමණ ඉහළින් තිබිය යුතුය. අතේ වාටිය පිටතට නවා මැසීම නොකළ යුතුය. ගවුම් අතෙහි උරහිස මත රැලි නොතැබිය යුතුය අත් කට තදට නොතිබිය යුතුය.
- ආසන්න වශයෙන් අතේ වාටිය ඇගල් 3/4 ක් විය යුතුය.
- ටයි පටිය ගැට ගැසූ පසු ඉනේ සිට අඟල් 5 ක් පහළට එහි තුඩ පිහිටිය යුතුය. ටයි පටියේ ඉතිරි කොටස එහා මෙහා නොයන සේ කුඩා කටුවකින් යට පටියේ දිග කොටසට සවි කර තිබිය යුතුය.කුඩා කරාබු දෙකක් හැර වෙනත් ආභරණ පැළදීමට ඉඩ දෙනු නොලැබේ.

