(+94) 552222385
[email protected]
Badulla Central Collage
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • Register
  • Login
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

බදුල්ල මධ්‍ය විද්‍යාලය

 

නමුනුකුල සෙවනේ යෙහෙන් වැජඹෙන බදුල්ල දිස්ත්‍රික්ක‍යේ ප්‍රධානතම පාසල හා ඌ‍වේ හදවත  නමින් විරුදාවලිය ලත් ළමුන් 4000 කට ආසන්න අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 221 පමණ සිටින බ/බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ වී මේ වන විට වසර 92 ක් සපි‍රේ

 

අධ්‍යාපනික, භෞතික, ක්‍රීඩා  හා අධ්‍යාත්මික සංවර්ධනය ලෙස තේමා හතරක් ඔස්සේ අප පාසලේ සංවර්ධන ඉලක්ක  ළගා කර ගනිමින් සිටී.‍ අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක මේ වන විට ඉහළ මට්ටමට ළගාකර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග ඉදිරිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර  අ.‍පො.ස. සාමාන්‍ය‍ පෙළ,  අ.‍පො.ස. උසස් පෙළ ප්‍රතිඵල  100% හා 85% දක්වා පිළි‍වෙළින් වර්ධනය කර ගැනීම ‍මෙවර අපගේ අරමුණ‍ වේ.        

‍පාසලේ භෞතික සංවර්ධනය ඉතා ශීඝ්‍රව සිදු‍වන අතර විෂය සමගාමී බාහිර කටයුතුවලින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ බොහෝ ප්‍රමාණයක් අත් කරගෙන ඇත.

ගණිත ඔලිම්පියාඩ් තරඟයෙන් ලෝකයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම, සෞන්දර්ය, භාෂා, ක්‍රීඩා, රොබෝටික් හා පරිගණක මෘදුකාංග තරඟවලින් ලබාගත් සමස්ථ ලංකා ජයග්‍රහණ සුවිශේෂී වේ.පාසලේ මානව සම්පත මනා ලෙස කළමනාකරණය කරගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස අ.පො.ස (උ.පෙ) ගණිත අංශයෙන් දිවයිනේ 02, 13 ස්ථාන සහ ජීව විද්‍යා අංශයෙන් 19 ස්ථාන හිමිකරගන්නා ලදී. ගණිත, විද්‍යා, වාණිජ, යන අංශ 3 හිම දිස්ත්‍රික් ප්‍රථමයා සහ මුල් 10 දෙනා අතරින් විද්‍යා  07ක්, ගණිත 05ක්, වාණිජ 02ක් කලා 02ක් සහ තාක්ෂණවේදය 04ක් ලෙස එක් එක් අංශ විසින් බිහිකිරිම සුවිශේෂී වේ.

එසේම අ.පො.ස සා.පෙළ විභාගයෙන් A9 සාමාර්ථ 70ක් ලබා ගනිමින් සුවිශේෂී දක්ෂතා පෙන්වීමද විශේෂත්වයකි. 2020 වර්ෂයේ පළමු කාර්තුව අවසන්වීමට ප්‍රථම කොවිඩ් වසංගතයට මුහුණදීමට සිදුවීමත් එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේද සාර්ථකව ක්‍රියාත්මක කිරීමක් සිදුකරන ලදී. මේ සියලු ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා පාසල් ප්‍රජාව දැක්වූ සහයෝගය අතිමහත්ය.

සමාජ‍යේ ‍මේවන විට පිරි‍හෙමින් පවතින සාරධර්ම නැවත ඇති කරමින් ගුණගරුක සමාජයක් බිහිකිරිම උ‍දෙසා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වැඩි වශ‍යෙන් පාසල තුළ ක්‍රියාත්මක‍ වනවා සේ ම ඉදිරි වසරේදී ද  මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් සිදුකරන පාසලක් (e School) ලෙස  පාසල් ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබා ගනිමින් ක්‍රියාශීලි සුවිශේෂී සිසුන් පිරිසක් දායාදකිරීම අපගේ ප්‍රධාන අරමුණයි.

2021 වර්ෂ‍යේදී අ‍පේක්ෂිත අරමුණු ඉහත සංවර්ධන ඉලක්ක ඔස්සේ ශාක්ෂාත් කර ගැනීම පාදක කර ගනිමින් ‍මෙම වාර්ෂික ක්‍රියාත්මක කිරි‍මේ සැලැස්ම සකස් කර ඇත.

 

නියෝජ්‍ය විදුහල්පති,

බ/බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,

 

 

 

 

 

 

 

Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Keppetipola Road, Badulla

: (+94)94552222385

: (+94)94552222385

: [email protected]

Supported By

© 2025 Badulla M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk