අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ඌව පළාතේ බදුල්ල මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ළමුන්ගේ අධ්‍යාපන හා භෞතික අතින් සංවර්ධනය කරමින් ද , පසුගිය වර්ෂය වන විට ළමුන් 250 වඩා වැඩි සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකර දෙමින් හා ඵලදායිතා ඇගයීමට පාත්රවෙමින් අරමුණුගත ඉලක්ක වෙත ළගාවෙමින් පවතී.